මානව භාෂාවේ ආරම්භය
කථනයේදී ශබ්දය යොදා ගන්නා සේ ලේඛනයේදී දෘශ්‍ය ගෝචර වූ ලිඛිත සංකේත යොදා ගැනේ. එම සංකේත අකුරු නමින් හැඳින්වේ.
අකුරු එකතු වී අක්‍ෂර මාලාව සැකසේ.
දැනට විද්‍යමාන පැරණිතම හෝඩිය ක්‍රි.ව. 13 වන සියවසෙහි (දඹදෙණි යුගයේ) විසූ "පතිරාජ පිරුවෙන්පති වේදේහ අනවමදර්ශී" හිමියන් විසින් ලියන ලද " සිදත් සඟරා හෝඩිය" යි.සිදත් සඟරාව කාව්‍යකරණය සඳහා ලියවුණු ග්‍රන්ථයක් හෙයින් එහි අක්‍ෂර මාලාව පද්‍ය සඳහා සීමිත වූ අක්‍ෂරවලින් යුක්ත බව සැලකිය හැකිය.
සිදත් සඟරා හෝඩිය
සිදත් සඟරාව අක්‍ෂර මාලාව හඳුන්වා දෙනුයේ,
" පණකුරු පසෙක් එද
ලුහුගුරු බෙයින් දස වේ
ගතකුරු ද වේ විස්සෙක්
වහරට යුහු සියබසැ"
අ ආ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ
ක ග ජ ට ඩ ණ ත ද න ප
බ ම ය ර ල ව ස හ ළ අං
මුළු අකුරු ගණන - 30
වදන් කවි පොතේ එන හෝඩිය
සිදත් සඟරාවෙන් පසුව හමුවන සිංහල හෝඩිය මහනුවර යුගයේ විසූ වැලිවිටියේ සරණංකර හිමියන්ගේ සිසුවෙකු වූ අත්තරගම රාජගුරු බණ්ඩාර විසින් ලියන ලද වදන් කවි පොතෙහි එන හෝඩියයි. විසි වන සියවස වන තුරුම බෞද්ධ ආයතනවල භාවිත වූයේ එයයි.එහි මුළු අකුරු ගණන 50 කි.
අ ආ ඉ ඊ උ ඌ ඍ ඎ
ඏ ඐ එ ඓ ඔ ඖ අං අඃ -ස්වර 16
ක ඛ ග ඝ ඞ
ච ඡ ජ ඣ ඤ
ට ඨ ඩ ඪ ණ
ත ථ ද ධ න
ප ඵ බ භ ම
ය ර ල ව
ශ ෂ ස හ ළ
-ව්‍යඤ්ජන 34
මුළු අකුරු ගණන 50
ශුද්ධ සිංහල හෝඩිය / එළු හෝඩිය
සිදත් සඟරා හෝඩියට "ඇ,ඈ" අක්‍ෂර දෙක එක් කිරීමෙන් අක්‍ෂර 32ක් වන ලෙස සැකසූ හෝඩියයි.
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ
එ ඒ ඔ ඕ ක ග ජ ට
ඩ ණ ත ද න ප බ ම
ය ර ල ව ස හ ළ අං
මුළු අකුරු ගණන 32
මිශ්‍ර සිංහල හෝඩිය
සඤ්ඤක අක්‍ෂර 5ත් (ඟ,ඦ,ඬ,ඳ,ඹ) අලුතින් හෝඩියට එක් වූ "ෆ" අකුරත් රහිතව මෑතක් වන තුරුම භාවිත වූ හෝඩියයි.
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ
ඍ ඎ ඏ ඐ එ ඓ ඔ ඖ - ස්වර 18
ක ඛ ග ඝ ඞ
ච ඡ ජ ඣ ඤ
ට ඨ ඩ ඪ ණ
ත ථ ද ධ න
ප ඵ බ භ ම
ය ර ල ව
ශ ෂ ස හ ළ - ව්‍යඤ්ජන 36
අං අඃ
මුළු අකුරු ගණන 54
සම්මත සිංහල හෝඩිය
වර්තමානයේ භාවිත වන හෝඩියයි.
සිංහල අක්‍ෂර මාලාව මූලික කොටස් 2කට බෙදිය හැකිය.
1.ස්වර
2.ව්‍යඤ්ජන
ස්වර
ව්‍යඤ්ජන
වර්ග අක්‍ෂර (25)
ක වර්ගය - ක ඛ ග ඝ ඞ
ච වර්ගය - ච ඡ ජ ඣ ඤ
ට වර්ගය - ට ඨ ඩ ඪ ණ
ත වර්ගය - ත ථ ද ධ න
ප වර්ගය - ප ඵ බ භ ම
අල්පප්‍රාණ හා මහාප්‍රාණ
ක ඛ ග ඝ
ච
ඡ
ජ
ඣ
ට
ඨ
ඩ
ඪ
ත
ථ
ද ධ
ප ඵ බ භ
No comments:
Post a Comment